වැලිකඩ බන්ධනාගාරයේ කළ පී.සී.ආර්. 300ම හොඳයි… නව කොවිඩ් ආසාදිතයන් නෑ…

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වැඩෙහි නියුක්ත කර සිටි රැඳවියෙකුට ඊයේ කොවිඩ්  ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ තුන්සියයක ප්‍රතිඵල ලැබී ඇති බවත්, එම ප්‍රතිඵල අනුව කිසිම ආසාදිතයෙක් වාර්තා නොවූ බවත් බන්ධනාගාර කොමසාරිස් ( පරිපාලන ) චන්දන ඒකනායක ලංකාසරට පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි වැඩ සඳහා යොදවා සිටි රැඳවියෙකූට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා සාමාන්‍යයෙන් රැඳවියන්ට  දහවල් කෑම වේල ලබා දෙන විට සවස 4.30.ත් පසු වී තිබිණි.

නැවත ආහාර පිසීම පටන් ගෙන තිබුනේ මුළුතැන්ගෙයි රැඳවියන් ඉවත් කර මුළුතැන්ගෙයම විෂබීජ හරණය කිරීමෙන් පසුය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතර කාන්තා රැඳවියන් 26 සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. පිරිමි රැඳවියන්  03 දෙනෙක් හා නිලධාරීහු 03ක් ඒ අතර වෙති.

 

 

Exit mobile version