වැල්ලම්පිටියේ දි කපා කොටා ඝාතනය කර තිබෙන්නෙ ඩෑන් ප්‍රියසාද්ගෙ සොයුරා…

ඔහුට පුද්ගල ඝාතනයට තැත් කිරීම් සම්බන්ධ චෝදනා රැසක්... ඝාතනයට මුල මත්ද්‍රව්‍ය ජාවාරමක් නිසා ඇතිවූ ප්‍රශ්නයක් විය හැකියැයි පොලිසිය කියයි...

murder

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී කපා කොටා ඝාතනය කර ඇත්තේ නව සිංහලයේ සංවිධානයේ සභාපති මෙන්ම අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද්ගේ  සොයුරෙක් වන ප්‍රකාශ් තිලණි කුමාර (34) නැමැත්තා බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ මැරයෙක් ලෙස ජීවත් වූ බවත් පුද්ගලයින්ට කපා කොටා මාරාන්තික තුවාල කිරීම් සම්බන්ධව චෝදනා රැසකට සහ නඩුවලට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.

මේ ඝාතන සිද්ධිය වනවිටත් ඔහුට මෙවැනි පුද්ගල ඝාතන තැතක් සම්බන්ධ නඩුවක් සම්බන්ධ උසාවි නියෝගයක් අනුව සෑම සතියකම ඉරිදා වැල්ම්පිටිය පොලිසියට වාර්තා කරන්නට නියම වී ඇති බවද හෙළි‍ වේ.

එමෙන්ම පොලිස් විමර්ශන අංශ පවසන්නේ මේ තැනැත්තා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණු බවය. බොහෝ විට මෙම ඝාතනය එම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.


ප්‍රකාශ් තිලිණ කුමාර නැමැති මෙම තැනැත්තා සෑම දිනකම පාහේ පුරුද්දක් ලෙස කල්ලි ගැසී ඔරුගොඩවත්ත ගුවන්පාලම යට ගත කරන බව  විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

එසේ සිටියදී විදුලිය විසන්ධි වූ අවස්ථාවක සුදු පැහැති වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම ඝාතනය කර ඇත.

වාහනයේ පසුපස ආසනයේ ඉඳගෙන පැමිණි දෙදෙනා පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ සිට ඇති අරත ඔවුන් අතේ මන්නා පිහි දෙකක් තිබී ඇත. එම පිහිවලින් පන්න පන්නා මරණකරුට කෙටූ බවත් අනතුරුව වාහනයට නැගී අවිස්සාවේල්ල පැත්තට පලා ගිය බවත් වාර්තාවන තොරතුරු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලිය විසන්ධි වූ අවස්ථාවක් බැවින් සීසීටීවී දර්ශන ලබා ගැනීමේ අසීරුතාවයක් ඇතැයි ද වාර්තා වේ.

Exit mobile version