වැඩි මිලට සහල් අලෙවි කළොත් දඩය ලක්ෂයයි… ගැසට් එක නිකුත් කළ බව වෙළෙඳ ඇමති කියයි..

නීතියට පටහැනිව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන්ට දඬුවම් ලෙසට රුපියල් දෙදහස් පන්සියයක පැවති  දඩය රුපියල් ලක්ෂයක් නියම කළ හැකි පරිදි පාරිභෝගික අධිකාරී පනත  සංශෝධනය කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඇමතිවරයා කියයි.

වෙළෙඳුන් විසින් කෘතිම සහල් හිඟයක් ඇති කළහොත් ආරක්ෂිත සහල් තොග පවත්වා ගැනීමට සහල් ආනයන කර ගබඩා කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.


ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version