වැඩිකළ බද්ද නිසා දුම්වැටි අලෙවිය පහනේ එකකින් පහත වැටෙයි… එත් රජයේ ආදායම වැඩි වෙයි!

cigarette-tax

ලලිත් චාමින්ද –

ඉකුත් වර්ෂයේ (2023)    පළමු මාස 09 තුළදී   දුම්වැටි  අලෙවිය සියයට  20.9කින් පහත වැටි ඇති බැව් මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වර්ෂයේ  පළමු මාස 09  තුළදි දුම්වැටි මිලියන 2,203.9  ක් අලෙවි  කොට තිබුණි. එයට සාපේක්ෂව 2023 දී  දුම්වැටි අලෙවිය පහත වැටි තිබු අතර එය  මිලියන 1,743ක් පමණ විය.

එහෙත් දුම්වැටි මත නිෂ්පාදන බදු ආදායම  ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස 09 තුලදි  රුපියල් බිලියන 90 දක්වා දක්වා සියයට 8.9කින්  වැඩිවි ඇති බවද  මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

2022 වර්ෂයේ පළමු මාස 09 තුළදි දුම්වැටි මත නිෂ්පාදන බදු ආදායම  රුපියල් බිලියන 82.6ක් විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුම්වැටි සදහා නිෂ්පාදන බද්ද ඉකුත් වර්ෂයේ  ජුලි මස 01 වැනිදින සිට  සියයට 20කින්  ඉහළ දැමිම  මෙම ආදායම වැඩිවිමට ප්‍රධාන වශයෙන් හේතු වි ඇති බවද මෙකි වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version