“වැඩබලන පොලිස්පති ව්‍යවස්ථා විරෝධීයි”

මන්ත්‍රී අනුර කුමාර පාර්ලිමේන්තුවේදි කියයි

දහනවවැනි ව්‍යවස්ථාවට අනුව වැඩබලන පොලිස්පති පත්කිරීම නීති විරෝධී එකක් බව මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අද පැවැත්වෙන විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර දීර්ඝ ලෙස අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දහනවවැනි ව්‍යවස්ථා දහනව වැනි ව්‍යවස්ථාව අනුව රටේ පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු පත් කිරීමක් බවයි.

එහෙත් වැඩබලන පොලිස්පතිවරයා පත්කළ හැක්කේ සති දෙකකට පමණක් බවත් ඉන්පසු යළිත් වැඩබලන පොලිස්පතිවරයා එම තනතුරේ ස්ථාපනය කිරීමට නම් ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ව්‍යවස්ථාදායක සභාවේ එය අනුමත කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.


පසුගිය කාලයේ එවැනි දෙයක් සිදු වූයේ නැති නිසා මෙම තනතුර නීතිවිරෝධී බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

වැඩබලන තනතුරු එවැනි තීරණාත්මක තනතුරු සඳහා පත් කිරීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ ඇති බවත් ඒ සිය කටයුතු එවැනි තනතුරු මඟින් කරවා ගැනීමට ද යන ගැටළුව මතු වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටට හඳුන්වා දුන් අයිතීන් විසිවෙනි සංශෝධනය මගින් ඉවත් කර ඇතැයිද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version