වාහන ආනයන තහනම ඉවත් කරන්නේ කවදාදැයි මහ බැංකු අධිපති හෙළි කරයි….

සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ආරම්භ වීමෙන් පසුව රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන ආනයන සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳව සලකා බැලිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පැවසීය.

ජාත්‍යන්තර වානිජ මණ්ඩල විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේදී ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව තුලනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මෙම සැසියේදි ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ මහ බංකු අධිපතිවරයා දැනට පවතින රට තුළ පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සදහා බොහෝ දුරට ගෘහස්ත විසදුම් මත රඳා පවතින බවත් අනාගතයේදී ජාත්‍යන්තර බැඳුම්කර වැනි ණය උපකරණ භාවිත කිරීමේදී යම් සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිත බව ද සඳහන් කළ අතර එහිදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවන ලෙස ජාත්‍යන්කර ස්වෛරී බැඳුම්කරවලින් ණය ලබා නොගැනීම කෙරෙහි ප්‍රතිපත්තියකට එලඹ ඇති බවත් විදේශ විනිමය අර්බුදය විසඳීමේදි අන්තර් රාජ්‍ය ණය පහසුකම් පිළිබඳව කල්පනා කරන බවද සඳහන් කළේය. මෙතෙක් ශ්‍රි ලංකාව ණය පැහැර හැර ඇති රටක් බවට පත්ව නොමැති බවත් මේ තත්ත්වය ඉදිරියේදීද කළමනාකරණය කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට රජය සාර්ථක ලෙස වේගවත් කොවිඩ් එන්නත්කරණයක නියැළෙන අතර මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී සංචාරක ව්‍යාපාර සඳහා රට ඉක්මනින් විවෘත කිරීමට සේම අපනයනය මූලික වූ කර්මාන්ත යළි සුපුරුදු රිද්මයට ගමන් කරවීමට හැකිවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය.

Exit mobile version