මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන්වන සැලසුමක් (Road Map) ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී මෙම ආනයන සීමා ලිහිල් කිරීමට යොජිත බව ඇමතිවරයා කියයි.
2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ලිහිල් කිරීමටත්, මෙම වසරේ සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත එලෙස යොමුකර තිබේ.