වායු දූෂණය වැඩිවීමත් සමඟ නවදිල්ලියේ පාසල් දින නියමකින් තොරව වැසෙයි

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළයාමත් සමඟ නගරයේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

ලොව වැඩියෙන්ම වායු දූෂණයට ලක්වූ නගරය ලෙස සැලකෙන නව දිල්ලි නගරය මේවන විට ඝණ දුමාරකයික් වැසී ගොස් ඇති බවත් නගරයේ වාතාශ්‍ර මිනිස් අග්‍රාහනයට අහිතරක ම්ටටමක පවතින බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නගරය ආසන්නයේ පිහිටා ඇති ගල් අඟුරු විදුලි බලාගාර පහක් වසා දමන ලෙසද එරට පරිසර අමාත්‍යංශය විසින් නියෝග කර ඇත.


ඊට අමතරව අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය නොකරන ට්‍රක් රථවලට නවදිලියේ ගමන් කිරීමටත් ඉදිකිරීම් කටයුතුද තාවකාලිකව අත්හිටුවීමටද ඉන්දීය රජය තීරණය කර තිබේ.

නව දිල්ලි නගරයේ වායු දූෂණය වර්ධනය වීමත් සමඟම නගරයේ වෙසෙන ළමුන් අතර ශ්වසන අබාධ වර්ධනය වීමක් වාර්තා වන බව වෛද්‍යවරුන් පෙන්වාදෙන අතර බොහොමක් ළමුන් ඇදුම වැනි රෝග වලින් පෙළෙන බවට අනාවරනය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ සමස්ථ ජනහනයට සමාජ ජනගහනය් නවදිල්ලි නගරයේ පමණක් ජීවත්වන අතර එහි භූ පිහිටීමත් සමඟ නගරයේ රැස්වෙන වෙන දුම් නගරයෙන් පිටත හමා යෑම අවම වීම මෙම තත්ත්වය වැඩි වශයෙන් හේතු වී ඇත බවද විශේසඥයින් පෙන්වා දෙයි.

Exit mobile version