ව්‍යාජ සාමාන්‍යාධිකාරී ඉවත්  නොකළොත් විදුලි ඉංජිනේරුවන් අඟහරුවාදා මහ පාරට !  

අධිකරණ නියෝගයන්ට ද පිටින් යමින් නුසුදුසු පුද්ගලයකු ලංකා විදුලි බල මණ්ඩලය වැඩ බලන  සාමාන්‍යාධිකාරීවරයකු තාවකාලික ව පත් කිරිම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එම පත්වීම අවලංගු කොට ස්ථිර සාමාන්‍යාධිකාරීවරයකු නීත්‍යනුකූලව පත් නොකිරීම හේතුවෙන් අද සිට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ අකුරට වැඩ කිර්‍රයාමාර්ගය දෙවන අදියර දක්වා ව්‍යාප්ත කොට ඇති අතර තම සංගමය නියෝජනය කරන විදුලි ඉංජිනේරුවන් මණ්ඩලයේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ කිසිදු රාජකාරීමය කටයුත්තක් සම්බන්ධයෙන් සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇතැයි එම සංගමය පවසයි.මීට අමතරව ලබන අඟහරුවාදා සියලුම සාමාජිකත්වය ලෙඩ නිවාඩු මත කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධයක් පළ කිරීමටද තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

විදුලි බල මණ්ඩලයේ මෙතෙක් කටයුතු කළ සාමාන්‍යාධිකාරී එම්..ආර් රණතුග මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට අනුව විශ්‍රාම යාමට නියමිතව තිබුණු අතර  ඔහු වයස අවුරුදු 62ක් දක්වා සේවය කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස අභියාචනාධිකරණය හරහා ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම පිළිබඳව අභියාචනාධිකරණය විසින්  සලකා බලා අවසාන තීන්දුවක් ලබා දෙන තෙක්  තෙක් විදුලි බල මණ්ඩලයේ නියමිත පටිපාටීන්ට අනුව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරිමට  අතුරු නියෝගයක් ලබා දි තිබුණද  ලංකා විදුලි බළ මණ්ඩල සභාපති එම්. ෆර්ඩිනැන්ඩු මහතා එම නියෝගය නොතකමින් විදුලි බල මණ්ඩලයෙන් විශ්‍රාම ගිය චෝදනා සම්බන්ධයෙන් අධිරණ ඇප මත සිටින විදුබිල අමාත්‍යංශයේ මෙතෙක් අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ආචාර්ය සුසන්ත පෙරේරා පසුගියදා වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කෙරිණි. විදුලි බල මණ්ඩල පනත ට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයකු පත් කිරීම නීති විරෝධී වුවද ඒ පිළිබඳව නොතකමින් අත්තනෝතමතික ලෙස සභාපතිවරයා විසින් නව පත්වීම සිදු කිරීම පිළිබඳව ඉංජිනේරු සංගමය සිය අප්‍රසාදය පළ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා පිළිබඳව තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් ඇමෙරිකානු නිව් ෆොට්‍රස් එනර්ජි  සමාගම සම කෙළවරපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කර ඇති පුද්ගලයන් දෙදෙනාගෙන් එකකු වන්නේද මේ ආචාර්ය සුසන්ත පෙරේරා බවයි. සෙසු සාක්ෂිකරුවා වන්නේ ලංවිම සභාපති එම්.එම්සී ෆර්ඩිනැන්ඩෝය.


Exit mobile version