ව්‍යවස්ථාදායක සභාවේ අගමැති නියෝජිතයා ඩග්ලස් දේවානන්දා

ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට ඊයේ(2) දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කථානායකවරයා විසින් පත් කර තිබේ.


20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස්වේ.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කථානායක විසින් පත්කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විත වේ.

2020 මහ මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තරගකොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායකයා ලෙස ද කටයුතු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවල උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වය දරන අමාත්‍ය ඩගලස් දේවානන්දා මහතා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාපතිවරයා මෙන්ම කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතීත්වය ද දරනු ලබයි.

Exit mobile version