ව්‍යාපාරිකයන් 16 දෙනෙකුගේ  කෝටි 67ක හිඟ බදු කපා දැම්ම පසුත් ඉන් 05ක්  රුපියල් කෝටි 16ක ඉඩම් පරිහරණ ගාස්තුව ගෙවීම පැහැර හැරලා… විගණනය හෙළි කරයි!

ලලිත් චාමින්ද –

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වලව කලාපයේ  කළුගල් කැණිම් කරනු ලැබු  ව්‍යාපාරිකයින් 05 දෙනෙකු විසින්  ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන්   ගෙවිය යුතු රුපියල් පහළොස්කෝටි, හැත්තෑ ලක්ෂ, හාරදහස් හතලිස්එකක මුදලක් (157,004,041 )  ගෙවීම පැහැරහැර ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  වාර්තාවක සඳහන් වේ.

පැහැර හරිනු ලැබු හිඟ ගාස්තුව  ප්‍රතිශතයක් ලෙස  ගත්විට ගෙවීමට අනුමත කරතිබු  හිඟ ඉඩම් පරිහරණ ගාස්තුවෙන්  සියයට 70ක  අගයක් බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

ව්‍යාපාරිකයින් 16 දෙනෙකුගෙන්  2009-2020 කාල සිමාවට අදාලව හිග ඉඩම් පරිහරණ ගාස්තු ලෙස  රුපියල්  අසුනම කෝටි, තිස්දෙලක්ෂ, හැටනමදහස් තුන්සිය අසුහයක මුදලක (893,269,386) අයවිමට තිබුණි.

මහවැලිඅධිකාරිය විසින් කළුගල් කැඩීම සඳහා වාර්ෂිකව ඉඩම්  පරිහරණ අවසර පත්‍ර නිකුත් කිරිමේ දි  පෙර වර්ෂයේ හිඟය ගණනය කර  එය අකරගැනිමෙන් පසුව  නව බලපත්‍රයක් නිකුත්කිරිමට විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කර නොතිබුණි. 


මේ සඳහා වගකිවයුතු නිලධාරින්  අදාල හිඟබදු  යාවත්කාලිනව අයකරගැනිම  නොසලකා හැරිම මත මෙකි හිඟය ඇතිවි තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද 2020 වර්ෂයේ දි අමාත්‍ය මණ්ඩල තිරණය මගින්  ව්‍යාපාරිකයින්ගෙන් 16 දෙනාගෙන් අයවිය යුතු හිඟ ඉඩම් පරිහරණ ගාස්තුවෙන්  සියයට 75ක්  එනම් රුපියල්  හැටහය කෝටි, අනුනව ලක්ෂ, පනස්දෙදහස් හතලිහක්  (669,952,040)ක් කපා හැරිමටත්  ඉතිරි මුදලවන  රුපියල්  විසිදෙකෝටි, තිස්තුන් ලක්ෂ, දාහත්දහස් තුන්සිය හතලිස්හයක  මුදලක් (223,317,346) වාරික 36කින් ගෙවිමටත් අනුමත කරතිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉඩම් පරිහරණ ගාස්තු  මුදල ගෙවා නොමැති  අයගෙන් මෙම මුදල් අයක  ගැනිම සඳහා  පොදු දේපල පනත යටතේ  ඒ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ තුළ ඔවුන්ට  විරුද්ධව පැමිණිලි ගොනුකොට ඇති බව මහවැලි අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට  ඇත.

Exit mobile version