ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ලක්ෂ 35ක පන්දහසේ නෝට්ටු තොගයක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට…

ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ලක්ෂ 35ක නාමික වටිනාකමකින් යුතු පන්දහසේ නෝට්ටු 700ක්  සහිත මුදල් තොගයක් අත් අඩංගුවට ගැනීමට  විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.

මුලතිව් විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් පිරිසක් විසින්  පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (09)  සිදුකළ මෙම වැටලීමේ දී කඩදාසි මත මුද්‍රණය කළ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග 41 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය  විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී  තිබේ.

Exit mobile version