වහාම ක්‍රියාත්මකවන පරිදි ෆාම් ඔයිල් ආනයනය සපුරා තහනම් කිරීමට ජනපති අණ කරයි..

කීර්ති ප්‍රනාන්දු –

වහාම ක්‍රියාත්මකවන පරිදි ෆාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් දී තිබේ.

ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.

දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන් නවත්වා දමන ලෙස ද රේගු අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇත.


තවද මේ සමග කටුපොල් වගාව ද සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කිරීමටත් අදාල නීති යටතේ නියෝග පනවා ඇත.  මෙරට කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා මීට  මාස 06කට පෙර උපදෙස් දී තිබිණි.

දැනට සිදුකර ඇති කටුපොල් වගාව සියයට 10 බැගින් අදියර 10කින් ගලවා ඉවත් කිරීමටත් ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවක් කිරීමටත්  උපදෙස් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සහ ෆාම් ඔයිල් නිශ්පාදනය නතර කිරීම රජයේ අරමුණ බවද පැවසේ.

Exit mobile version