වහන් හිටියා ඇති… රට අරින්න කාලය හරි… ඇමති සුදර්ශනී කියයි…

රට වසා දැමූ මේ සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත් බවත් 21 වෙනිදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීම කළ හැකි බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පැවසුවාය.

අද (14) ඇය මේ බව ප්‍රකාශ කළේ කටාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

“ ආසාදිතයින්  සංඛ්‍යාවෙ වගේම මරණවල අඩු වීමක් දකිනවා. ජනාධිපතිතුමා කොවිඩ් මර්ධන බලකායේ ප්‍රධානියා හැටියට  සති හතරක ලොක් ඩවුන් එකක් ප්‍රකාශ කරීම ඇතුළෙ  රෝගීන්ගෙ අඩු වීමක් දකිනවා.  කවුරු මොනවා කිවුවත් මේ ලොක් ඩවුන් එක රෝගීන් සහ මරණ අඩු වෙන්න විශාල පිටිවහලක් වුනා එන්නත් කරණය කඩිනම් කළා. විශේෂයෙන්ම වයස අවුරුදු 60 වැඩි  එන්නත් ලබා නොගත් අයව ගෙවල්වලට ගිහින් එන්නත් කළා.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ සහයෝගය එක්ක රෝගීන්ගේ සහ මරණවල අඩුවීමක් දක්නට ලැබුණා. දැන් රට විවෘත කළ යුතුයි. රට ක්‍රමානුකූව විවෘත කරන්න රජය කටයුතු කරයි.“ ඇමතිනිය වැඩිදුරටත් පැවසුවාය.

Exit mobile version