වසර 30ක් පැරණියි… වික්ටෝරියා වේල්ලේ භූ ස්ථායීතාවය ගැන පරීක්ෂා කළ යුතුයි…

ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ ඇරුප්පල  පවසයි

වසර තිහක් පැරණි  වික්ටෝරියා වේල්ලේ භූ ස්ථායීතාවය  පරික්ෂා කළ යුතුව තිබෙන බව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ ඇරුප්පල  පවසයි. 

ඊට අදාල සැලසුම් අනුව ඉදිරියේදි තත්ත්ව පරික්ෂාව සදහා සියල්ල සූදානම් කර තිබෙන බවත්  හේ කියයි.

වික්ටෝරියා වේල්ල භූ කම්පන සම්බන්ධ විශේෂ සමීක්ෂණයකින් අනතුරුව ඊට ඔරොත්තු දෙන සේ අන්තර්ජාතික ප්‍රමිතියකින් යතුව ඉදි කර ඇති බවත්,   පසුගිය දිනවල දිගන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ඇතිවූ ඉතා සුළු  කම්පන වලින් වේල්ලට කිසිම හානියක් නොවූ බව සහතික විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.


ඔහු පවසන්නේ උපකරණ 400 ක් මගින් දෛනිකව පැය 24 පුරා වේල්ල නිරීක්ෂණය කරන නිසා  කම්පන වලින් මොනයම් හෝ බලපෑමක් වන්නේ නම් ඉතාම කෙටි කාලයකදී එය දැන ගැනීමට හැකියාව තිබෙන බවය.

අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ  වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය තෙමසක කාලයේදී සිදුවූ භූ කම්පන වල ස්වභාවය හා ඉන් සමාජයට සිදුවන බලපෑම සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද  (10) කැඳවා තිබූ රැස්වීමකදී ය.  

භූ විද්‍යා හා පතල් කාර්යාංශය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මහවැලි අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයින් මෙම රැස්වීමට පැමිණි සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එළඹෙන 22 වැනිදා වික්ටෝරියා වේල්ල නිරීක්ෂණය කිරීම සඳහා යෑමට ආණ්ඩුකාරවරයා තීරණය කළේය. 

 

Exit mobile version