වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

ගාල්ල – ලලිත් චාමින්ද – 

නිවසකට බලහත්කාරයෙන් ඇතුල් වි  නිවසේ සිටි කාන්තාවක් දුෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු සුජිව නිස්ංසක  විසින් බරපතල වැඩසහිත  වසර 20ක සිරදඬුවමක් නියමකොට රුපියල් 5000 දඩ මුදලක් හා පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දිමුදලක් ගෙවන ලෙස අද (19) නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම්  මාස 06ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් හා වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 12ක සිරදඩුවමක්ද නියම කළේය.  විත්තිකරුට එරෙහිව ඇති   පළමු චෝදනාව වන අයුතු ඇතුළුවීමට  වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කළේය. එම දඩය නොගවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක්  ගෙවන ලෙස ද  මහාධිකරණ විනිසුරුවරයා  නියෝග කළේය.

මෙම සිරදඬුවම් එකවර ගෙවීයන ලෙසද  මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ සිරදඩුවම් නියම වුයේ  ගාල්ල කන්දවත්තේ පදිංචි පොල්වත්ත ලියනගේ නිශාන්ත (52) නැමැති  විත්තිකරුවෙකුටය. විත්තිකරු විසින් 2005 වර්ෂයේ වර්ෂයේ  06 09 වැනිදින ගාල්ල පොලිස් වසමේ දෙවන පටුමග කන්දවත්ත ලිපිනයේ පදිංචි කාන්තාවකගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී  ඇය  දුෂණය කිරිම සම්බන්දයෙන් මෙසේ සිරදඬුවම් පමණුවනු ලැබිය.

Exit mobile version