වසර 14කට පසු ගොඩගත් මිනීමැරුම

දිනසේන රතුගමගේ

යාපනයේ කොට්ටඩි පන්නෙයි ශ්‍රී මීනාච්චි අම්මාන් කෝවිල් පාරෙන් හමුවූ මිනීවලේ කැණීම් කටයුතු 25 දා නතර කොට තිබේ.

මෙම මිනි වළෙන් මිනිස් හිස් කබලක් අස්ථි කොටස් කීපයක් හා ඇදුම් කීපයක් හමුවීමෙන් පසුව ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළ්ව එම ස්ථානය සමූහ මිනී වළක්ද යන්න නිශ්චය ලෙස හදුණා ගැනීම සදහා එම ස්ථානයේ කැනීම් සිදු කරණ ලෙසයි.


පොලීසිය විසින් සිදු කළ කැණීම් වලදී එක් කාන්තාවකට අයත් හිස් කබලක් අස්ති කොටස් හා ඇදුම් ඇතුලු දේ හමුවීමෙන් පසුව පොලීසිය හා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තීරණය කරණ ලද්දේ කාන්තාවක් මරා මේ ස්ථානයේ වළ දැමීමක් හැරෙන්න්ට මේ ස්ථනයේ සමූහ මිනී වළක් නොමැති බවයි.

පොලීසිය විසින් තවදුරටත් කරණ ලද පරීක්ෂණවලදී හෙළි වූයේ මේ ස්ථානයට මදක් දුරින් පිහිටි ගොවිපලක කාන්තාවක් 2006 වසරේදී මරා මේ ස්ථානයේ වළලා ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය මේ සිද්දියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වා ගෙන යන අතරතුර කැණිම් වල ප්‍රගතිය හා තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම වලේ කැණීම් කටයුතු නවතා දමන ලෙසත් කැණීම් සිදු කළ වල වසා දමන ලෙසත් අධිකරණය පොලීසියට නියෝග කොට තිබේ.

Exit mobile version