වසර තුනකට පසු ඉන්දීය ඇමරිකා වාණිජ සාකච්ඡා යලි ඇරඹෙයි

India USA Relations

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනදය අතර පළමුවරට වසර තුනකට පසු විශේෂ වාණිජ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

ඒ අනුව මෙම සාකච්ඡාව එළැඹෙන මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී දෙරටේ ආර්ථික සම්බන්ධතා තවුරටත් ශක්තිමත් කිරීමේ අරමුණිනි වෙළදාම සහ ආයෝජන සම්බන්ධ ගැටලු සාකච්ඡා කරනු ඇති බවට ඉකුත් සඳුදා දිනයේදී නිකුත් කළ නිල නිවේදනයේදී සඳහන් කර තිබිණි.

අවසන් වරට ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වාණිජ සාකච්ඡාවක් පැවැත්වූයේ ඉකුත් 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එතැන් සිට කොරෝනා වසංගය සහ වෙනත් සාධක රැසක් හේතුනේ සාකච්ඡා පැවැත්වීමට නොහැකි විය.


“වසර තුනක පරතරයකින් පසු සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විවිධාංගීකරණය සහ නව නැගී එන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් උපායමාර්ගික ඉදිරි දැක්මක් සමඟ සංවාදය නැවත දියත් කිරීමට යෝජනා කර ඇත,” යනුවෙන් ඉන්දීය වාණිජ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර එක්සත් ජනපද වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ සංවාදය සහ ඉන්දියා-එක්සත් ජනපද ප්‍රධාන විධායක සංසද හමුව සඳහා පැමිණීමටද නියමිතය.

“මෙම සංචාරය අතරතුර, දෙරට අතර නව වෙළඳ සහ ආයෝජන අවස්ථා විවෘත කළ හැකි විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු-ඇමරිකානු වාණිජ සංවාදය සහ ප්‍රධාන විධායක නිලධාරී සංසදය මාර්තු 10 වන දින පැවැත්වේ” යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාණිජ සංවාදය යනු පුළුල් පරාසයක ආර්ථික අංශ හරහා වෙළඳාමට පහසුකම් සැලසීම සහ ආයෝජන අවස්ථා උපරිම කිරීම අරමුණු කරගනිමින් පුද්ගලික අංශයේ රැස්වීම්වලට සමගාමීව පැවැත්වෙන රජයෙන් රජයට නිතිපතා රැස්වීම් ඇතුළත් සමුපකාර ව්‍යාපාරයකි.

Exit mobile version