වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස DHS Gem & Jewellery සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා Lanka Business Awards (LBA) සම්මාන උළෙලේදී මැණික් හා ආභරණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. Business Word International Organization (BWIO) සංවිධානය කළ LBA සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා වෙත සම්මාන, කුසලාන සහ පදක්කම් පිරිනමන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමාගමක් හැටියට අපි සෑම විටම පාරිභෝගික විශ්වාසය දිනාගැනීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. එය අප සිදු කරන්නේ අපගේ වෘත්තීයභාවය සහ පාරිභෝගික අවශ්‍යතාවලට අවධානය යොමු කිරීමෙන්. අපගේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් අප සමඟ දිගින් දිගටම ගනුදෙනු කිරීම ඉතා කෙටි කාලයක් තුළ අප දිගු ගමනක් පැමිණීමට ප්‍රධාන හේතුවයි. කොවිඩ් වසංගතය දැඩිව පැවති කාලයේත් අපි අඛණ්ඩව මැණික් අපනයනය කරමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැගෙන ආවා.” හිටපු ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරයෙකු සහ ජාත්‍යන්තර පදක්කම් ලාභියෙකු වන දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා පැවසීය. 2006 වසරේදී ඇරඹූ DHS Gem & Jewellery පෞද්ගලික සමාගම වර්තමානයේදී රටවල් 12කට වඩා වැඩි ගණනකට මැණික් අපනයනය කරයි. සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකාවේ මැණික් මෙන්ම සමස්ත රටම ජාත්‍යන්තර තලයේ ප්‍රවර්ධනය කිරීම සහ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමයි. සමාගමේ ශාඛා දෙකක් දඹුල්ලේ සහ කොළඹ ස්ථාපිත කර ඇති අතර DHS Gem & Jewellery පෞද්ගලික සාමාගම ශ්‍රී ලංකාවේ මැණික් ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා මැණික් ප්‍රදර්ශන සඳහා නිරන්තරයෙන් සහභාගී වේ. DHS Gem & Jewellery පෞද්ගලික සමාගම ලබන වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා සහභාගී වීමටද නියමිතය.

Exit mobile version