වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරට! (වීඩියෝ සහිතයි)

wasantha

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටිනා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත  කිරීමට   කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත   අද (13) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගාලුමුවදොර සිද්ධියට අදාලව වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගොස්තුවේ දී  ය.

ත්‍රස්වාදය වැලැක්වීමේ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවෙන් ඉල්ලා තිබුණේ     ත්‍රස්වාදය වැල්ක්වීමේ පනතේ 7/2 වගන්තිය යටතේ නඩුව අවසන් වනතුරු වසන්ත මුදලිගේට  ඇප නොදී  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

එහිදී    සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ  නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .


මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි  ගල්වැව සිරිධම්ම හිමි අධිකරණය හමුවේ පෙනී සිටියහ.

වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version