වසන්ත මුදලිගේට ඇප ලැබෙයි…

ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ නිදහස් කිරීමෙන් අනතුරුව ඔහු තව දුරටත් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම වූ නඩු තුනට අදාලව ඇප ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (1) නියෝග කළේය.

ඒ වසන්ත මුදලිගේට එරෙහිව පැවති නඩු තුනක් යලි අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී ය.

දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා අඟහරුවාදා (31) අධිකරණය හමුවේ ඉවත් වූ බවත් පදනම් කරගෙන කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නඩු තුනටම ඇප නියම කළ බව නීතිඥ නුවන් බෝපගේ මාධ්‍යය වෙත පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසන්ත මුදලිගේ ඇප මත මුදාහැරීම සඳහා අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.


Exit mobile version