වසංගතයේ සැබෑ දත්ත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනක් හංගනවා… අනුරුද්ධ පාදෙණිය

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් වසංගතයේ දත්ත හංගන බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය   සඳහන් කරයි.

වාර්තාවන රෝගීන් පිලිබඳ නිල දත්තයන් ප්‍රකාශයට පත් කිරීමේ බලය පැවරී ඇත්තේ   වසංගත රෝග විද්‍යා අංශයට වුවද එහි සම්පූර්ණ කාර්යයන් සිදුකරන්නේ මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා බව විසින් බව ඔහු  කියයි.

මේ වන විට වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 10ත් වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් 14 සිටින නමුත් කොවිඩ් පාලන කටයුතු සම්පුර්ණයෙන්ම මෙම  විශේෂඥ වෛද්‍යවරුන්  දෙදෙනාට  පමණක් සීමා වීම හේතුවෙන් බොහෝ සත්‍ය  තොරතුරු  සමාජ ගත නොවන බවද වෛද්‍ය පාදෙණිය පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට වසා දැමීම හෝ නැවත විවෘතකිරිම සිදුවන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගෙන ඔවුන් ලබා දෙන තීන්දු තීරණයන් මත බැවින් එම දත්ත හා තොරතුරු සත්‍ය නොවන්නේ නම් ගන්නා තීරණද සත්‍යයෙන් තොර වන බව ඔහු පවසයි.

Exit mobile version