වවුනියාව මහ රෝහලේ විකිරණ ශිල්පීන් වර්ජනයක

MRI

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්  කරගෙන වවුනියාව මහ රෝහලේ විකිරණ ශිල්පීන් විසින් දින හතරක වැඩ වර්ජනයක් 25 දා සිට ආරම්භ කොට තිබීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ගැටලු රැසක් පැන නැගී තිබේ.

විකිරණ ශිල්පීන් කියා සිටින්නේ මේ වන තුරු ඔවුන්ට හිමි විය යුතු නිල උසස්වීම් හිමිව නොමැති බවත් ඔවුන්ගේ වැටුප් විෂමතාවයන් සංශෝධනයට ලක් කිරීමක් සිදු වී නොමැති බවත්ය.

සංකේතාත්මකව මෙම දින හතරක වැඩ වර්ජනය දියත් කොට ඇති ඔවුන් ඉදිරියේදී තම ඉල්ලීම් වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යොමු වන බවද කියා සිටියහ.

Exit mobile version