වව්නියාව ඊච්චන්කුලමේ මිනිස්සු පොලිසියට එරෙහිව පාරට බසිති…

දිනසේන රතුගමගේ –

වවුනියාව ඊච්චන්කුලම ගම්මානයේ තරුණයන් කීප දෙනෙකුට හේතුවක් නැතිව පහර දුන් බව කියමින්  විශාල පිරිසක් ඊච්චන්කුලම පොලීසියට එරෙහිව ඊයේ සවස (17) වීදි බැස්සහ. මේ   විරෝධතාවය  හේතුවෙන් පොලීසිය හා ගම්වාසීන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.

ඊච්චන්කුලම පොලීසියේ නිලධාරීන් තරුණයින්ට පහර දෙන ලද්දේ ගම්මානය අසල පිහිටි ගණදෙවි කෝවිල අසලදී බවත් ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා හැර අනෙක් සියලුම පොලිස් නිලධාරීන් ගම්වාසීන් සමග  ඉතා සුහදව සිටින බවත් විරෝධතාකරුවෝ සිද්ධිය විමර්ශනය කිරීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පැවසූහ.

ගම්වාසීන් වවුනියාව කල්මඩු මාර්ගය ඊච්චන්කුලම ප්‍රදේශයෙන් වසා දමා  මේ උද්ඝෝෂණය පැවැත්වූ අතර පළාතේ දේශපාලනඥයින් කීප දෙනෙකු හා ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් කීපදෙනෙකු පැමිණ  ගම්වාසීන් සමග සාකච්ඡා කොට තත්ත්වය සමථයකට පත් කරණු ලැබීය.


නමුත් ගම්වාසීන් මේ අවස්ථාවේදී කියා සිටියේ ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වුවමනාවට පොලීසිය කිසිම හේතුවක් නොමැතිව පහර දෙන නිසා ගම්වාසීන්ට ගමේ ජීවත්වීමට නොහැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්වාසීන්ගේ මේ පැමිණිලි සම්බන්ධයෙන් වවුනියාවේ ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version