දිනසේන රතුගමගේ –
වවුනියාව සෙට්ටිකුලම මුසල්කුට්ටි ප්රදේශයේදී ඊයේ (01) සවස පුද්ගලයෙකු වෙඩි වැදීම නිසා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
තුවාලකරු පලමුව සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වයබරපතල බැවින් වවුනියාව මහ රෝහල වෙත මාරු කොට ඇත.
මෙම වෙඩි තැබීම නිසා තුවාල ලබා ඇත්තේ වවුනියාව සෙට්ටිකුලම මුදලියාර්කුලම ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි ඇන්ටනි ජෙරින් නැමති අයෙකි.
ඔහු සිය ගවයින් බැලීම සදහා වැව අසලින් කැළෑබද ප්රදේශයකට ගමන් කරමින් සිටියදී එක් වරම ඔහුට වෙඩි වැදී ඇති අතර සෙට්ටිකුලම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.