වව්නියාවේ යාචකයන් සොයා කඳවුරකට දමයි….

දිනසේන රතුගමගේ –

පිටස්තර පළාත්  වලින් වවුනියාව නගරයට පැමිණ සිගමන් යදින යාචකයින්ගෙන්  කොරෝනා  ව්‍යාප්ත විය හැකි නිසා නගරයේ සිටින සියළුම යාචකයින් එක් ස්ථානයක රඳවා තැබීමට පොලීසිය සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව එම නිලධාරීන් වවුනියාවේ යාචකයින් සොයා ගොස් ඔවුන්ගේ විස්තර ලබා ගෙන ඔවුන්ට සිගමන් යැදීමෙන් පසුව නතර වීමට ස්ථානයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව යාචකයින්ගේ වැරහැළි ඇදුම් වෙනුවට අලුතින් ඇදුම්පැලදුම්  සපයා දීමටත් ඔවුන්ව නවතා තබන ස්ථානයේ ඔවුන්ට දිය නෑමට හා පිරිසිදු වීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටත් පියවර ගනිමින් සිටියි.


Exit mobile version