වලපනේ බදුල්ල ප්‍රදේශයේ අද අළුයම භූ චලනයක්…

CC000619

වලපනේ සහ බදුල්ල ප්‍රදේශවලින් රිච්ටර් මාපකයේ ඒකක 2කට අඩු අගයකින් යුත් සුළු භූචලනයක් අද (22)   අලුයම වාර්තා වූ බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේය.

අද අලුයම 3.29 ට පමණ මේ භූ කම්පනය සිදු   වී තිබිණි. භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ  මෙම සුළු භුචලන තත්ත්වය නිරීක්ෂණය කර ඇත.

එම භූචලනය මෙරට ස්ථාපිත කොට ඇති භුමාපකවල සටහන්ව ඇති බවත් චලනය තත්ත්පර 06 ක කාලයක් පැවති ඇති භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පිහිටි සුනාමි පෙර අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව  භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේය.

Exit mobile version