වරෙන්තු 05ක් සහිතව සැඟවී සිටි සැකකාර අපරාධකරුවෙක් අත්අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු –

අපරාධ හා කොල්ලකෑම් චෝදනාවලට අධිකරණ මගින් වරෙන්තු 5ක් නිකුත් කර සිටි “නදී “නමැති සැකකරු කටුනායක පොලීසිය මගින් ඊයේ( 16 )රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරුට මිනුවන්ගොඩ සහ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වලින් වරෙන්තු නිකුත් කර ඇති බවත් කාලයක පටන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයකු බවත් ඔහු පොලීසියට කට්ටි පනිමින් සිටී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි

ඊයේ 16 දින රාත්‍රියේ සැකකරු ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව එම නිවස වටලා සැකකරුව අත්අඩංගුවට ගත් බව පවසන පොලිසිය ඔහු මීගමුව, කටාන, කටුනායක, පොලිස් බල ප්‍රදේශ තුළ කොල්ලකෑම් ගෙවල් බිඳුම් සහ සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි අයකු බවද පවසයි .

සැකකරු 42 වියේ පසුවන නදීෂාන් පීරිස් නැමැති අයෙකු බවද පොලිසිය කියයි .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

Exit mobile version