වර්ගවාදී වෙනස්කම් නවතන්නනැයි ජගත් සංවිධානය අමෙරිකාවෙන් ඉල්ලයි

වාර්ගික වෙනස්කම් කිරීම අවසන් කිරීම සඳහා ක්ෂණික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර, සියලු ආකාරයේ වර්ගවාදී වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ සිය වගකීම් ඉටු කරන ලෙස, වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි.

1994 දී අනුමත කරන ලද සම්මුතියට පූර්ණ ලෙස ගරු කරන ලෙසත්, පුහුණු හා අධ්‍යාපන විෂයමාලා තුළින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර පුළුල් අවබෝධයක් සහතික කරන ලෙසත් කමිටුව එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටි.

කමිටුවේ සභාපති නූරෙඩින් අමීර් මහතා මෙසේ පැවසීය. “කිසිවෙකු වාර්ගික වෙනස්කම්වලට ගොදුරු නොවිය යුතුය. සියලු ජාතීන් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීම, වාර්ගික පැතිකඩයන් අත්හිටුවීම සහ වර්ගවාදී පෙළඹවීම් මත සිදුවන ප්‍රහාර වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම් අපිට කිසිසේත් පිළිගත නොහැක”


ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම කමිටුව මිනියාපොලිස්හි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඛේදනීය මරණය ගැනත්, නිරායුධ අප්‍රිකානු ඇමරිකානුවන් පොලිස් නිලධාරීන් සහ පුද්ගලයින් විසින් වසර ගණනාවක් තිස්සේ ඝාතනය කිරීම ගැනත් සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

“රාජ්‍ය ආයතනවල සියවස් ගණනාවක් තිස්සේ අප්‍රිකානු ඇමරිකානුවන්ට විනිශ්චය සභා ඉදිරියේ සමාන සැලකිල්ලක් දැක්වීමේ අයිතිය ඉවත් කිරීම, ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාවට තර්ජනය කිරීම සහ සම්මුතියේ අන්තර්ගත සිවිල්, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කිරීම පද්ධතිමය හා ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම යනාදිය ව්‍යාප්ත වී තිබේ. ” අමීර් පවසයි.

සමාජය තුළ පවතින ව්‍යුහාත්මක වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රසිද්ධියේ හඳුනා ගන්නා ලෙසත්, අප්‍රිකානු ඇමරිකානුවන් සහ අනෙකුත් සුළු ජාතීන් වාර්ගිකව අභිප්‍රේරණය කරන ලද ඝාතන නිසැකවම හා කොන්දේසි විරහිතව හෙළා දකින ලෙසත් කමිටුව අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සඳහා, එක්සත් ජනපදය පිළිබඳ පෙර සමාලෝචන දෙකෙන් පසුව කරන ලද නිර්දේශයන් කමිටුව සිහිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙයට ඇතුළත් වන්නේ, රට පුරා ජාත්‍යන්තර සම්මුතිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සම්මුතිය සමඟ දේශීය නීති සහ ප්‍රතිපත්ති අනුකූල වීම අධීක්ෂණය කිරීම සහ ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය මට්ටමින් රජයේ නිලධාරීන්ගේ වෙනස් කොට සැලකීම් විරෝධී පුහුණුව ක්‍රමානුකූලව සිදු කිරීම ය.

Exit mobile version