වයඹ උපකුලපතිකමට හිතවතුන් පත්කර දෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ලියුම් ලියලා!

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස තමන්ගේ හිතවත් පුද්ගලයන්  පත් කරන ලෙස නම් කර ඉල්ලමින්  පොදුජන පෙරමුණේ දේශපාලකයන්වන  සමන්ප්‍රිය හේරත්, සනත් නිශාන්ත පෙරේරා, බී.වයි.ජේ රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, සහ පී.බී හේරත් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපි   ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ පසුගිය 17 වැනිදා පී.බී හේරත් විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ  මහාචාර්ය එච්.එම්.ඒ හේරත්   පොදුජන පෙරමුණ සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු  සුදුසුකම් සපුරා ඇති නිසා ඔහුව එම තනතුරට පත් කරන ලෙසය.

මේ තත්වය විලි ලජ්ජා සහගත බව ප්‍රකාශ කළ විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.


“වයඹ විශ්විද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීමේ කටයුත්ත ඉස්සරහට තියනවා. දැන් මන්ත්‍රීවරු පෝලිමේ ලියුම් ගහනවා. ලැජ්ජයි කියන්න. මේ තත්ත්වය හරිම කණගාටුයි. “

“මා ලඟ තියනවා ලියුම් හතර පහක්ම… මන්ත්‍රීවරු හතර පස් දෙනෙක්ම යවපු ලියුම්. ජනාධිපතිතුමාට යවන එක ලියුමක තියනවා සමන්ප්‍රිය හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී. මෙතුමා යවනවා අහවල් පුද්ගලයා වයඹ විශ්විද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කරන්න කියලා. මන්ත්‍රීගෙ ලියුම ඕනද උප කුලපති තනතුරට පත් කරන්න. ඒ තත්ත්වයට අපේ උසස් අධ්‍යාපනය වට්ටලද තියෙන්නෙ.“

“සනත් නිශාන්ත පෙරේරා යනවනවා තව ලියුමක්. ඩී.වයි.ජේ රත්නසේකර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යවනවා තව ලිපියක්.  නාලක බන්ඩාර කෝට්ටෙගොඩ යවනවා තව ලිපියක්.. ඩී.බී. හේරත් අන්තිම ලියුම යවනවා 17 වැනිදා… මේ ලියුමේ තියනවා මෙහෙම. “

“මහාචාර්ය එච්.එම්.ඒ හේරත් මහතා අප සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත. “

“දැන් මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කළා. සහයෝගය දුන්නා. ඒ නිසා එතුමාව උපකුලපති ධුරයට පත් කරන්න. මේක හරි ද?“

ඩී.බී.හේරත්

වයඹ උපකුලපති පත් කිරීමට ලියුම් ගැසූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්නයක නිසා පසුගිය වකවානුවේ දැඩි ආන්දෝලනයකට ලක් විය.

සනත් නිශාන්ත පෙරේරා

 

 

සමන්ප්‍රිය හේරත්
ගුණපාල රත්නසේකර
වියත්මග කුලියාපිටිය ශාඛාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොට්ටු හිතවාදී සරසවියේ අංශ ප්‍රධානියෙකුගේ යෝජනාවක්…

Exit mobile version