වනිඳු සහ ධනංජය හිතා මතා දුර්වල ක්‍රීඩා විලාශයක් නොපෙන්නූ බවට ක්‍රිකට් ආයතනය සහතික වෙයි!

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වු බවට   සිදුකරන චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කිසිම ක්‍රීඩකයෙක් හිතාමතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බවට කිසිම සාධයක් නැතැයි ද එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද එම නිවේදනයේ සඳහන්වේ.

අන්තර්ජාතික මට්ටමේ විශාල මුදලක් ගෙවන ප්‍රිමීයර් ලීග් විස්සයි 20 තරගාවලියකට යෑමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයකු ආබාධයට ලක් නොවී වැඩි පරිස්සමෙන් ක්‍රීඩා කළ බවට විවිධ මාධ්‍ය වාර්තා  පලවුනේය.


වෙනත් තරගවල පිටියේ ඉතා කාර්ය බහුල ස්ථානවල පන්දු රකින මේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු තරගාවලියේදී කාර්ය බහුල නොවන ස්ථානවල හා හතරේ සීමාව ආසන්නයේ පන්දු රැකීමට අවස්ථාව ඉල්ලා ඇති බවට  තවත් වාර්තා දැක්වූයේය.

මෙම ක්‍රීඩකයා පන්දු රැකීමේදී ආබාධයකට ලක් වුව හොත් ඉදිරියේ පැවැත්වෙන ප්‍රිමීයර් ලීග් තරගාවලිය අහිමි වේ යැයි බියෙන් පසු වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවටද ප්‍රකාශ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ එවැනි අඩු දක්ෂතා සහිතව හිතා මතා ක්‍රීඩා කළ  ක්‍රිඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වනතෙක් ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවයි.

Exit mobile version