වන්නියට යන මල්වානේ රඹුටන් තොග පිටින් වේලෙයි

දිනසේන රතුගමගේ:

වන්නියේ රඹුටන් නැතත් මේ දිනවල මල්වාන පළාතෙන් වන්නියට තොග වශයෙන් ලැබෙන රඹුටන් අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට වෙළෙන්දන් පත්ව සිටිති.

මුල් කාලයේදී රුපියල් සියයකට ගෙඩි පහළොවක් බැගින් අලෙවි කළ මල්වානේ පැණි රඹුටන් මේ දිනවල රුපියල් සියයකට 25 ක් හෝ 30 බැගින් දීමට වෙළෙන්දන් පුරුදුව සිටියත් වන්නියට පැමිණ රඹුටන් අලෙවි කරණ වෙළෙන්දන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇති නිසා ඔවුන්ට රැගෙන එන රඹුටන් තොග අලෙවි කර ගැනීමට නොහැකි වී සිටිති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා දින කීපයක් පසු වූ රඹුටන් ගොඩක් රුපියල් සීයකට අලෙවි කිරීමට වෙළෙන්දෝ උත්සහ කළද එම උත්සාහයත් අසාර්ථක වී ඇත්තේ රඹුටන් අධික ඌෂ්ණ පලතුරක් නිසා වන්නියේ පාරිභෝගිකයින් රඹුටන් මිලට ගැනීම ඉතා අඩු නිසාවෙනි.

Exit mobile version