වන්දි දී සේවකයන් ඉවත් කළ පිඟන් සංස්ථාවට 38 දෙනෙක්  බඳවාගෙන

මහා භාණ්ඩාගාරයේ පුර්ව අවසරයක් නැතිව කළ නීති විරෝධී බඳවා ගැනීම් විගණනයේ දී හෙළි වේ...

ලලිත් චාමින්ද –

ස්වෙච්ඡා වන්දි යෝජනා ක්‍රමයක් මගින් සේවකයින් ඉවත් කළ ශ්‍රි ලංකා පිඟන් සංස්ථාව සඳහා  මහා භාණ්ඩාගාරයේ පුර්ව හා ලිඛිත  අවසර ලබාගැනිමකින් හා  විධීමත් බදවා ගැනිමේ ක්‍රමවේදයකින් තොරව  2019 සැප්තැම්බර් මස 30 වැනිදින වන විට  සේවකයින් 38 දෙනෙකු බඳවා ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබු විගණනයක දී අනාවරණය වි ඇත.

සංස්ථාවේ නිසි බලධාරියා විසින් මෙම සේවකයින් බදවාගෙන ඇති බව විගණන වාර්තාවේ දැක්වේ. 2012 මාර්තු 31වැනිදින සිට පිඟන් සංස්ථාවේ  සේවකයින්  ස්වෙච්ඡා විශ්‍රාම ගැන්විම ක්‍රියාත්මක වන  අවස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සහ කම්හල් 07ක සේවකයින් 541 දෙනෙකු  සේවයේ යෙදි සිටියහ. එම සේවකයින්ගෙන්  495 දෙනෙකු වන්දිගෙවිම් කර සේවයෙන්  ඉවත්කර තිබුනි. පසුව ස්ථිර කාරයමණ්ඩලයේ  46 දෙනෙකු හා දෛනික වැටුප් පදනම මත බඳවාගත්  කාර්ය මණ්ඩලය මගින් සංස්ථාව ක්‍රියාත්මකව පැවතුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පිඟන් සංස්ථාවේ ස්ථිර සේවකයින් 84ක් සේවය කරති.


 

Exit mobile version