වනජීවි නිලධාරීන්ට පහර දුන් මේජර් ජනරාල් මොහාන් රත්නායක අත්අඩංගුවට ගන්න නියෝග…

මෙච්චර කල් මොනවද කළේ... කැකිරාව දිසා විනිසුරු පොලිසියෙන් අසයි...

අලි සොරකමක් ඇල්ලීම සඳහා මුරකාවල් තර කර රාජකාරියේ යෙදී සිටි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ   වනජීවි නිලධාරියන්ට  බැණ මරණීය තර්ජන කර එක් නිලධාරියෙකුට පහර දුන් අනුරාධපුරයේ මෙහෙයුම්  ප්‍රධානී  මේජර් ජනරාල් මොහාන් රත්නායක  ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙරට භූමියේ ඕනෑම තැනක සැක සහිත අවස්ථාවකදී ඕනෑම පුද්ගලයකු , වාහනයක් හෝ නිවසක් පරීක්ෂා කිරීමේ බලය හිමිවන බවත් ඊට අවනත නොවන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව සංඥය වරදක් ලෙස අත්අඩංගුවට ගැනීමට පවා ඔවුන්ට බලය හිමිවන බවත්  නීති විශාරදයෝ මීට පෙර පෙන්වා දී සිටියහ.


වන ජීවී ආඥා පනතේ 66 වැනි වගන්තියට අනුව ඔවුන්ට මෙම බලය හිමිවන බවත් එය මඟ හැරීමට යුද හමුදාවට හෝ වෙනත් කිසිදු ආයතනයකට විශේෂ මුක්තියක් මෙම පනතින් හෝ මේ රටේ ක්‍රියාත්මක වන වෙනත් කිසිදු පනතකින් බලය ලැබී නොමැති බවත් ඔවුහු කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබන 02 වන දා ජීවි නිලධාරීහු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සඳහා සූදානමින් සිටියහ.

Exit mobile version