වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදව්වොත් දෙමව්පියන්ට නඩු… නීති හැදෙන හැටි තොණ්ඩමන් කියයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් ඉදිරියට වතු කම්කරුවන්ගේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමට කිසිවෙකුට නොහැකි වන සේ කම්කරු අඥා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පැවසුවේය.

වතුකරයේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාරකමට යෙදවිය නොහැකි බවත් බාල වයස්කාර දරුවෙක් මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට දඬුවම් ලබාදිය හැකි සේ නව පනත සංශෝධනය වනබවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ අද (25) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරනු ලබන විමර්ශන කටයුතු සම්බන්ධව තමන් සෑහිමකට පත්වන බවද ඇමතිවරයා කීවේය.

“ වතු කම්කරු පවුල් වල අර්ථික ගැටලු තිබෙන බව මා පිළිගන්නවා. නමුත් එයට විසඳුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම නොවෙයි. ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශන කටයුතු විධිමත් කළ යුතු බවට සියලු දෙනා එකතු වී බලපැම් කිරීම හොඳ දෙයක්. ඒත් ඇතැම් අය ඉන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරනවා.“ ඇමතිවරයා කීවේය.

Exit mobile version