වට්ස්ඇප් එකෙන් ඉස්ලාම් අන්තවාදය පැතිරූ දෙදෙනකු දැලේ

වට්ස්ඇප් කණ්ඩායම් නිර්මාණය කර ඔවුන්ට ඉස්ලාම් අන්තවාදී මත පතුරුවන දේශන ප්‍රචාරය කළ බවට සැලකෙන තරුණයන් දෙදෙනකු වැල්ලම්පිටියෙන් සහ තිහාරියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයන් දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙම ප්‍රචාර සිදු කොට ඇති අතර එරටින් පිටුවහල් කිරීමෙන් පසුව පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රි ලංකාවට පැමිණ රැඳි සිටියදී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරුදු 29ක් සහ 31ක් වන මෙම තරුණයින් ගෙන් එක් අයතු 2019 අප්‍රියෙල් 21 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසුව සහරාන් හසීම්ගේ වීඩියෝ අන්තර්ජාලයට මුදා හළ පුදගලයකු ලෙසින්ද හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.


Exit mobile version