ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 67 දක්වා පහළ ගොස් ඇති බැවින් එහි සහනය ශ්‍රී ලංකාවාසී පොදු මහත් ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ යුතු යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල   පවසයි.

මෙයට මාස තුනකට පෙර සිට ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් සහ ගෑස් මිල අඩු වෙමින් පවතින බවත් ඒ අනුව එහි වාසිය  ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය අවම කිරීමට  හවුල් කරගත හැකි බවත් මහාචාර්යවරයා කියා සිටී.

රටතුළ භාණ්ඩ හා සේවා පිළිබඳ තීරණ ගැනීමේ හා මැදිහත් වීමේ අයිතිය ඇති පාරිභෝගික සේවා අධිකාරිය නිසි ප්‍රතිපත්තිමය තීරණ මත මෙම මිල ගණන් වෙනස් වීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජය දැනුවත් කොට එහි වාසිය ජනතාව වෙත ලබා දීමට මැදිහත් වන්නේ නම් ඔවුන්ගේ රාජකාරිමය වගකීම් හා යුතුකම් නිසි පරිදි ඉටු වන බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ඉන්ධන මිළ පහළ යාම මත රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ගණන් පහළ යන බවත් ගෑස් සහ විදුලි බිල් අඩුවීමක් සිදු කළ හැකි බවත් ඒ මත ඉදිරි අවුරුදු සමයේ ජනතාවට උපරිම සහනයක් ලැබෙන බවත් මහාචාර්යවරයා  කියා සිටියේ ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2023 වසරේ ජනවාරි මාසයේ මුල් සතියේ ට සාපේක්ෂව මේවන විට ලෝක වෙළඳපළේ ගෑස් මිල 33% කින් පහළ ගොස් ඇති වුවත් එහි මිල ගණන් අඩු වීම් ද ලංකාවාසී ජනතාවට ලැබී නැති බව පෙන්වා දුන්නේ

 

 

Exit mobile version