ලෝක බලවත්තු රටට ආධාර කිරීමට එක් වෙති… අගමැති ආධාර පිළිගනී…

නිදහසින් පසු    දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවට ණය සහන ලබා ගැනීමට සහාය වන බවට ලොව බලවත්ම රාජ්‍ය හතක් වන  එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ එක්සත් ජනපදය .  ඇතුළත්වන  G7 කළ  නිවේදනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්  පිළිගෙන ඇත.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී, ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව  G7  රටවල් නිවේදනය කර  තිබිණි.

“ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වන බවට G7 නිවේදනය මම සාදරයෙන් පිළිගනිමි. ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සම්බන්ධ වීම මෙම  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රධාන වේ,” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ජපාන රජය සිකුරාදා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක අරමුදල් ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය.  මෙම අරමුදල් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ආධාර අවශ්‍ය දරුවන් සහ පවුල් සඳහා ආහාර ආධාර සැපයීම සඳහා භාවිතා කරනු ඇත.


මේ අතර  ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කිරීමට   මෙම ආයතන තුන පසුගිය මැයි 19 වනදා රැස්වීමක් පවත්වා තිබේ.

එහිදී ඔවුන් මූලික සේවා සහ ජනජීවිතය පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඖෂධ, මුදල් ආධාර, ගෑස් සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇත.

Exit mobile version