ලෝක උරුම ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් තිහක්….

ලලිත් චාමින්ද-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක උරුම ගාලුකොටුව තුළ පසුගිය වර්ෂ කිහිපයෙහි පමණක් අනවසර ඉදිකිරිම් 30ක් පමණ සිදුකොට ඇති බැව් දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

මෙම අනවසර ඉදිකිරිම් කළ පුද්ගලයින්ට විරුද්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නඩු පවරා ඇත. අනවසර ඉදිකිරිම් සඳහා නඩු පැවරුවද පුරාවස්තු ආඥාපනතේ ඇති අඩුපාඩු නිසා මෙකි අනවසර ඉදිකිරිම්වලින් බහුතරයක් තවමත් ඉවත්කිරීමට නොහැකිවි ඇති බැව් පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

ඇතමුන් ස්වකැමැත්තෙන්ම අනවසර ඉදිකිරිම් ඉවත්කරගෙන ඇති බවද දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

ගොඩනැගිලි වෙනස් කිරිම් හා එකතුකිරිම් කොට මෙකී අනවසර ඉදිකිරිම් සිදුකොට ඇත. ඉකුත් දා රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක ගාලුකොටුවේ කළ නිරික්ෂණ චාරිකාවේ දි ගාලු කොටුවේ සිදුකොට ඇති අනවසර ඉදිකිරිම් පිළිබඳ නිලධාරින්ගෙන් විමසා තිබේ.

පසුගිය වර්ෂවලට සපේක්ෂව ගාලුකොටුව තුළ අනවසර ඉදිකිරිම් අඩුවි ඇති බැව් මෙහිදි අනාවරණය වි ඇත.

Exit mobile version