ලෝකය පුරා රටවල් ළමුන්ට කොරෝනා එන්නත් දෙන හැටි

පාසල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මේනවන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළකරමින් සිටින බැවින් ගෝලීය වශයෙන් ළමුන් සඳහා එන්නත්කරණය සිදුකර ආකාරය පිළිබඳ සොයා බැලීමට අපි අදහස් කළෙමු.

මේවන විට ලෝකයේ රටවල් රැසක් සිය ළමා ජනහනයට එන්නත් ලබාදීමට මූලික කටයුතු ආරම්භ කර ඇති අතර රටවල් කිහිපයක්ම මේවන විටත් එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට වයස අවුරුදු 12ත් 18ත් අතර වයස්වල පසුවන්නන් හට ලබාදීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයසිර් එන්නතට පමණක් වන අතර අනෙකුත් එන්නත් ළමුන්ට ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් මේවන විට සායනිකය පර්යේෂණ පවත්වමින් තිබේ.

ඒ අනුව මෙම සතියේදී බ්‍රිතාන්‍යයේ වෙසෙන  අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට එරට සෞඛය අංශ යෝජනා කළ අතර ඉදිරියේදී ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇති බවට වාර්තාවේ.

මේ අතර යුරෝපා වෛද්‍ය ඒජනසියද වයස අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ඩෙන්මාර්කය විසින් වයස අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ටද  ස්පාඤ්ඤය එරට වයස අවුරුදු 12ත් 19ත් අතර පසුවන්නන්ටද මේවන විටත් එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කර තිබේ.

ප්‍රංශය විසින් එරට වයස අවුරුදු 12ත් 17ත් අතර පසුවන ළමුන්ට එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර මේවන විට එම වයස් කාණ්ඩයේ පසුවන්නන්ගෙන් සියයට 66කට එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බවට සඳහන්ය.

එමෙන්ම එරට අදාල වයස්වල පසුවන්නන්ගෙන් සියයට 52ක් මේවන විටත් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවද ඔත්තෝම්බර වන විට එන්නත් ලබාගත් බවට සඳහන් සහතිකය වයස අවුරුදු 12ට වැඩි සියලුදෙනා පොදු ස්ථාන වලට ඇතුලු වන විට ඉදිරිපත් කළ යුතු බවට ප්‍රංශ රජය සඳහන් කරයි.  

මේ අතර ජර්මනිය විසින් ඉකුත් ජුනි මාසයේදී ප්‍රකාශ කර සිටියේ  ප්‍රතිශක්තිය පිළිබඳ ගැටලුකාරී ළමුන්ට පමණක් එන්නත් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟම සියලුම වයස අවුරුදු 12ට වැඩි පිරිසට එන්නත් ලබාදීමට ජර්මනියන විසින් තීරණය කරනු ලැබීය.

ස්වීඩනය සහ නොර්වේද මේවන විට එරට වයස අවුරුදු 12ත් වැඩි සියලුදෙනාට එන්නත් ලබාදීම සිදුකරමින් පවතී.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනටමත් එරට වසය අවුරුදු 12ත් 18ත් අතර වයස්වල පසුවන් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සිදුකරනු ලබයි.

ඇමරිකා එක්සත් ජනපදය තුල නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ එරට දෙමාපියන් දරුවන්ටද එන්නත් ලබාදීම පියවරගෙන ඇති අතර එරට ආහාර සහ ඖෂද පාලක මණ්ඩලය  විසින් වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට එන්නත ලබාදීමට හදිසි අනුමැතිය මේවන විටත් ලබාදී තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ ආහාර සහ ඖෂද පාලක මණ්ඩලය  විසින් ඔක්තෝම්බර් මාසය වනවිට වයස අවුරුදු 5ත් 11ත් අතර ළමුන්ට එන්නත ලබාදීමට ඉඩ ඇති බවට වාර්තා විය.

ඒ අනුව ඊට අදාල සායනික දත්ත වාර්තා මේවන විටත් එරට ආහාර සහ ඖෂද පාලක මණ්ඩල යොමුකර ඇති බවද සඳහන්විය.

මේ අතර චීනයද එරට ළමා ජනගහනය එන්නත්කරණය ලක්කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ලොව පළමු වරට ඉකුත් ජුනි මාසයේදී එරට අවුරුදු 3ත් 17ත් වයස්වල පසුවන්නන්ට එරට නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබාදීම ආරම්භ කළේය.

මෙම වසර අවසන් වන විට ලොව විශාලතම ජනගහනයට නිවහන වන චීනය එරට ජනගහනයෙන් සියයට 80කට එන්නත් ලබාදී අවසන් කිරීමට සැලසුම්කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේවන විට ලොව පුරා ඉතා සාර්ථකව ළමුන්ට එන්නත් ලබාදීම සිදුකරන අතර එමගින් ඉදිරියේදී කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරගැනීමට හැකිවෙනු ඇති බට අපෙක්ෂා කරමු. 

Exit mobile version