ලෝකයේ ආරථිකයට සාපෙක්ෂව ඉන්දිය ආර්ථිකය වේගවත් ! මුදල් ඇමතිනිය කියයි

nirmala sitharaman

ලෝකයේ ආර්ථික වර්ධන වේගය පහත වැටී තිබියදී ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ වේගය නොවෙනස්ව පවතින බව ජාත්‍යන්තර ඒජන්සි වාර්තා කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පසුගිය දා ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.
වේගවත් ආර්ථික වර්ධනයක් හිමි රට ලෙස දිගටම රැඳී සිටීම සම්බන්ධයෙන් රට ගැන හා මිනිසුන් ගැන ද බොහෝ සෙයින් ආඩම්බර වෙන බව ඇය සඳහන් කළාය. මේ වෙනුවෙන් පාර්ශව රැසක් සහභාගී වූ බව පවසමින් ඇය සියලු දෙනාටම ස්තූතිවන්ත වූවාය.
කොවිඩ් වසංගතය හා රුසියා- යුක්රේන යුද්ධය ද ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල කර තිබෙන අතර ඒ කිසිවත් ඉන්දියාවේ ශක්තිමත් ආර්ථිකයට බලපෑම් එල්ල නොකරන බව සීතාරාමන් මහත්මිය පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොවිඩ් වසංගතය නිසා චීනය යළිත් අඟුළු දමන්න සිද්ධ වෙලා.. මේ වෙද්දීත් චීන බැංකු 4000ක් විතර බංකොලොත් තත්ත්වයට පත් වෙලා, ඇය සඳහන් කළාය.

Exit mobile version