ලෝකයේ අන්තර්ජාතික එක්දින තරග වැඩිම ගණනක් පරාජයට පත් රට බවට ලංකාව පත් වේ..

එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාව ලෝක එක්දින තරග ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර එක්දින තරඟ ගණනක් පරාජයට පත්වී ඇති රට ලෙස නව වාර්තාවක් තැබීය.

ශ්‍රී ලංකාව  මේ දක්වා එක්දින තරග 428 ක් පරාජයට පත් වී ඇති අතර ඉන්දියාව 427 ක් සහ පාකිස්තානයට 414 ක් පරාජයට පත් වී තිබේ.

1975 සිට ශ්‍රී ලංකාව මේ දක්වා එක්දින තරග 860කට ක්‍රීඩා කර තිබේ. ඉන් 390 ක් ජයග්‍රහණය කර 428 ක් පරාජයට පත්ව ඇත.

2015 සිට මේ දක්වා එක්දින තරගවලින් 62% ක් ශ්‍රී ලංකාව පරාජයට පත් වීම මේ අතර විශේෂය.

ශ්‍රී ලංකාවේ තරග ජයග්‍රාහී / පරාජිත අනුපාතය 0.911 ක් වේ. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් අප තවමත්ඉන්නේ අතර බංග්ලාදේශයට හා සිම්බාබ්වේට වඩා ඉහළ ඉහළිනි.
ඉහළම ජයග්‍රාහී තරග අනුපාතය සහිත රට දකුණු අප්‍රිකාවය. එය 1.770 කි.

සමස්ථ දත්ත සටහන

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(උපුටා ගැනීම – ඩේලි මිරර්)

Exit mobile version