ලොව පුරා මිලියන 41ක් සාගත තත්ත්වයට පත්වීමේ අවදානමක

රටවල් 43ක පුද්ගලයින් මිලියන 41ක් සාගත තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.

ඒ අනුව මේ වන විට රටවල් 4ක ලක්ෂ 6කට ආසාන්න පිරිසක් සාගත තත්ත්වයට සමාන ආහාර හිඟතාවයකට පවත්ව ඇති බවද එම සංවිධානය ඉකුත් අඟහරුවාදා නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

“2021 වර්ෂයේදී අපිට දකින්න සිදුවෙලා තියෙන දේ ගැන මම ඇත්තමට ගොඩක් කළකිරීමට පත්වෙලයි සිටින්නේ. දැනටමත් රටවල් 4ක් සාගතයට ඉතාම සමාන තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනයේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ප්‍රකාශ කරයි.


“මේක ඇත්තටම ඛේදවාචකයක්. මේ සියලුම දෙනා අපි වගේම නමක් ගමක් තිබෙන සාමන්‍ය ජීවිතයක් ගත කරපු අය.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ලෝක ආහාර වැඩසටහනට අනුව මේ වන විට 584000 කට අධික පිරිසක් ඉතියෝපියාව, මැඩගස්කර්, දකුණු සුඩානය, සහ යේමනය යන රටවල සාගතය තත්ත්වයට ඉතාම සමාන අවදියක පත්ව සිටීයි.

නෙයිජීරියාව සහ බර්කිනා ෆැසෝ රාජ්‍යන් වලද දැඩි ආහාර හිඟ තත්ත්වය් නිර්මාණය වෙමින් පවතින බවද එම සංවිධනය පෙන්වා දෙයි.

එම සංවිධානයට අනුව කාලගුණ විපර්යාස, යුද ගැටුම් සහ ආර්ථික කඩා වැටීම් හේතුවෙන් සාගත තත්ත්වයන් නිර්මණය වී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර ලොව පුරා ආහාර වල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමද මෙම තත්ත්ව තවත් දරුණු කිරීමට හේතු වී ඇති බවත් බඬ ඉරිගු වල මෑත කාලයේදී මිල ඉහළ යාමත් මීට ප්‍රබල හේතුවක්ව ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

මීට අමතරව ලොවපුවරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන්ද මේ වන විට විශාල පිරිසකට ආහාර හිඟ තත්ත්වයකට පත්ව ඇති අතර ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු අතට පත්විමේ ඉඩකඩ පවතින බව ලෝකා ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

මේ අතර ලොව පුරා රටවල් රැසක මුදල් අවප්‍රමාණ වීමද ආහාර හිඟතාවට සහ සාගත තත්ත්වයන් නිරමාණය කිරීමට හේතුවී ඇති අතර ලෙබනනය, නයිජීරියාව, වෙනිසියුලාව සහ සිම්බාබ්වේ යන රටවල් මීට අයත්වේ.

ලෝක ආහාර වැඩසටහන පවසන අන්දමට මිලියන 41ක් එකක්වූ ජනතාවට ආහාර සැපයීමට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ අවශ්‍ය කර ඇති බවයි.

මේ අතර අද වන විට නැගෙනහිට අප්‍රිකානු දූපත් රාජ්‍යක් වන මැඩගැස්කරය දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින අතර ලක්ෂ එකොලහකට අධික පිරිසට් දැඩි ආහාර හිඟවීමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියී.

දශක හතරකට පසු මැඩගැස්කරය මුහුණ දුන් දරුණුතම නියන් තත්ත්වයට මේ වනට විට මුහුණ දී සිටියි. පසුගිය කාලයේදී සිදුවූ දැඩි කාලගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිව තිබෙන බවද ලෝක ආහාර වැඩසටහනද පෙන්වා දෙනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන වන විට මැඩගස්කරයේ ජනතාව සැතපුව් සියගණනක් ආහාර සොයා යන අතර බොහොමයක් දෙනා ලෝක ආහාර වැඩසටහන යටතේ ලබාදෙන ආහාර මත සිය දිවිය ගැටගසා ගන්නා තත්ත්වයකට පත්ව සිටීමට ඉතාම කණගාටුදායක සිදුවීමකි.

Exit mobile version