ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීමට භාරතයේ පැවති ගෝලීය බෞද්ධ සමුළුව

 

ගෝලීය බෞද්ධ සමුළුව මගින් බුද්ධ ධර්මයේ  සාරය ලොවපුරා ව්‍යාප්ත කළ හැකි බවට ටිබෙටයේ වෙසෙන භාවනා පිළිබඳව විශේෂ හැදැරීමක් කර ඇති යොන්ගේ මින්ග්යුර් හිමියෝ පෙන්වා දුන්හ. මෙම සමුළුව පසුගියදා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දළයිලාමාතුමන්ගේ ප්‍රදානත්වයෙන් ඉන්දියාවේ නවදිල්ියේ අශෝක් හෝටලයෙදී පැවැත්විණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මින්ග්යුර් හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ, ″ මේ රැස්වීමට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනන‍ෙ, මන්ද අපි වෙනස් සම්ප්‍රදායක්, වෙනස් පරම්පරාවක් සමඟ මුණගැසෙන නිසායි. එබැවින්, අපි බොහෝ දේ ඉගෙන ගනිමින් සිටිනවා,” යනුවෙන් මින්ග්යුර් හිමියෝ පැවසූහ.

උන්හන්සේ මෙසේද පැවසූහ, “බුද්ධ ධර්මය උපත ලැබුවේ ඉන්දියාවෙයි. බෞද්ධ දර්ශනයේ ප්‍රධාන පණිවිඩය වන්නේ දැනුවත්භාවය, ආදරය, දයාව සහ ප්‍රඥාවයි.”
“ඉන්දියාව සහ නේපාලය බුදුදහම සම්බන්ධයෙන් ඉතා සමීප සබඳතාවක් ඇත්තේ ඔවුන් අසල්වැසියන් නිසායි. ඒ නිසාම බුදුදහම මේ රටවල් දෙකම එක්සත් කරනවා. මම හිතන්නේ බුද්ධ ධර්මය ටිබෙටයට පැමිණ ඇති ආකාරය දිහා බලන විට අපි ඉන්දියාව අපේ තාත්තා ලෙසත් නේපාලය අම්මා ලෙසත් හඳුන්වන් පුළුවන් කම තිබෙනවා″


″ඇත්තටම අපිට ඉන්දියාවෙන්, නේපාලයෙන් බොහෝ ඉගැන්වීම් ලැබෙනවා. බුදුන් ඉපදුණේ නේපාලයේ, නමුත් බුදුන් බුදුදහම ඉගැන්වූයේ ඉන්දියාව වටායි,” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය රජය විසින් පසුගිය කාලයේදී බුදු දහම වර්ධනය කිරීමට විශාල කාර්යක් දියත් කළ බවත් එමගින් ලොව පුරා බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට විශාල පිටිවහලක් වූ බවද මින්ග්යුර් හිමියෝ පෙන්වා දුන්හ.

Exit mobile version