ලොවට “බූස්ටර් මාත්‍රාව“ හඳුන්වා දුන් ඊශ්‍රයාලයෙන් සිව්වන එන්නත් මාත්‍රාවක් !

‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට    පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට ඊශ්‍රායල  සෞඛ්‍ය අංශ   නිර්දේශ කළ බව   එරට අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට මෙම සිවුවන එන්නත් මාත්‍රාව නිර්දේශ  කර ඇති බවය.

ලොව පළමු වරට බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ද ඊශ්‍රායලයයි.


ඊශ්‍රයාලය වැඩි වශයෙන් ලැබී ඇත්තේ ‘ෆයිසර්’  එන්නතය.   පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීමෙන් පසු   යළි ‘කොවිඩ් 19’ වසංගතය හිස එසවූ බැවින්, ‘ෆයිසර්’ සමාගමේ නිර්දේශ සහ තමන් සිදු කළ සායනික අධ්‍යයන පාදක කර ගනිමින්, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ ලොව පළමු වරට තෙවැනි එන්නතක් (බූස්ටර්) ලබා දීමට උනන්දු වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ඒ වනවිට ඊශ්‍රායලයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන තිබුණේ ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙනි. ඊශ්‍රායලය ‘බූස්ටර්’ එන්නත් දීම ආරම්භ කිරීමෙන් පසු සෙසු රටවල් ද එය අනුගමනය කළේය. ඊශ්‍රායලයට පසු බූස්ටර් එන්නත් දීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් සිවුවැනි මාත්‍රාවක් ලෙස තවත් ‘ෆයිසර්’ එන්නතක් 60 වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ලබා දීමට ඊශ්‍රායල සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය සැලකිල්ලට ගනිමිනි.

 

Exit mobile version