ලොතරැයි නොඇදුණු නිසා රූපවාහිනියට වදී

පඩි ගෙවන්න ලංකා බැංකුවෙන් කෝටි 20ක ණයක ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවානිහි සංස්ථාවේ සේවකයන්ට වැටුප් ගෙවීම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර මේ සඳහා වැඩිම බලපෑම සිදුව ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මාසික ව ලැබුණු රුපියල් කෝටි 6ක පමණ ආදායම පසුගිය මාස දෙකක කාලයක් තුළ නොලැබීම බව වාර්තාවේ. 

මේ තත්වය මත රුපියල මිලියන 200ක ණයක් ලංකා බැංකුවෙන් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති අතර මේ සඳහා අවශ්‍ය ඇපකරයක් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලෙස ජනමාධ්‍ය විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. මෙම කැබිනට් පත්‍රිකාව අද (26) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රූපවාහිනි සංස්ථාවේ සේවකයන් 930කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ට  මාසික වැටුප් සහ දීමනා සඳහා රුපියල් කෝටි 7ත් 8ත් අතර මුදලක් වැය වන බව වාර්තා වෙයි. පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් සෑම මාධ්‍ය ආයතනයකම ආදායම විශාල ලෙස පහත වැටීමට හේතු වූයේ ඒ වනවිට සූදානම් කර තිබූ බොහෝ සමාගම්වල වෙළෙඳ ප්‍රචාර ව්‍යාපෘති නතර කිරීමය. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔවුන්ගේ ලොතරැයි දිනුම් ඇදීම සහ වෙළෙඳ දැන්වීම් සඳහා රුපියල් කෝටි 6කට ආසන්න ගුවන් කාලයක් වෙන් කර ගන්නා අතර මෙම මුදල අහිමි වීම රූපවාහිනියේ ගිණුම්වලට දැඩි බලපෑමක් සිදුව ඇත. 


Exit mobile version