දවස් 4ට ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 120%කින් ඉහළට! ලොකු අනතුරක් අතළඟ!

GMOA warns of more deaths and cases ahead!

Oxygen

ඊයේ (31) දක්වා ගතවූ දින 4 තුළ මෙරට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 120%කින් වැඩිවී ඇති අතර ඒ අනුව තවදුරටත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුමාන කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ පසුගිය මැයි 27 වැනිදා ඔක්සිජන් අවශ්‍ය රෝගීන් 149 දෙනෙක් සිටි අතර ඊයේ වන විට එම සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

මෙම වර්ධනයත් සමඟ ඉදිරි දින කිහිපයේදී අසාධ්‍ය රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් අපේක්ෂා කළ හැකි බව ද සඳහන් කරයි.


වසංගත රෝග නිවාරණ ඒකකයේ වෙබ් අඩවියට අනුව අද වන විට සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33140කි.

මෙම සංඛ්‍යාවෙන් 17502ක් රාජ්‍ය අංශයේ ප්‍රතිකාර සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින අතර පෞද්ගලික අංශ මගින් ක්‍රියාත්මක කරන ප්‍රතිකාර මධ්‍යස්ථානවල 6800කට අසන්න රෝගීන් සංඛ්‍යාවක් රඳවා සිටි.

ඒ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු විය යුතු හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් 8000කට ආසන්න ප්‍රමාණයක් සමාජයේ විසිර සිටි.

එබැවින් නිවාසවල සිටින මෙම රෝගීන් රැකබලා ගැනීම සඳහා අදාළ ක්‍රමවේදයක් ද කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට එම සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්ත අනුව ඊයේ (31) වන විට ශ්‍රී ලංකාවේ රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන 94ක් ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 93ක් ද වේ.

මෙම ආයතනයන්හි ඇති මුළු ඇඳන් සංඛ්‍යාව 23678කි.

මෙම ඇඳන්වලින් 17583ක් රෝගීන්ගෙන් පිරී පවතින අතර 6095ක් හිස්ව පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ හිස්ව පැවතිය ද රෝගීන් කළමනාකරණය කිරීමේ සහ දත්ත කිසි ලෙස යාවත්කාලීන කිරීම, මානව සම්පත්වල පවතින හිඟය ආදී හේතු නිසා නිවාසවල සිටින රෝගීන් රෝහල් ගත කිරීමේ සංකීර්ණ තත්ත්වයක් උද්ගතව ඇති බවට තම සංගමය නිරීක්ෂණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා තව දුරටත් සඳහන් කරයි.

Exit mobile version