ලොකුගේ “ලොක්එක“ කඩපු හැටි හොයන්න සෞඛ්‍ය ලොක්කා කමිටුවක් පත් කරලා…

හුදකලා කර තිබුණු පිළියන්දල ප්‍රදේශයේ ග්‍රාමසේවා කොට්ඨාස කීපයක්  ගාමිණී ලොකුගේ ගේ දේශපාලන  මැදිහත් වීම මත හුදකලාබවින් ඉවත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා   තාක්ෂණික කමිටුවක්   පත්කර ඇත.

මෙම කමිටුව අද (5) එම ප්‍රදේශ වෙත යාමට නියමිත බැවින් එම ප්‍රදේශයන් නැවත හුදකලා කළ යුතුද යන්න සොයා බලා වාර්තා කරන මෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා  මෙම කමිටුවට දැනුම් දී ඇතැයි සදහන් වේ.

කෙසේ නමුත් මෙම ග්‍රාමසේවා වසම් තුළ කොවිඩ් රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විසින් මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමෙන් අනතුරුව හුදකලා කිරීමට කටයුතු කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උදේ හුදකලා කළ ප්‍රදේශයන් සවස් වන විට හුදකලා බව ඉවත්කිරීමට දේශපාලන අධිකාරියේ බලපෑම මත සිදුවූවක් බැවින් මෙම ප්‍රදේශ නැවත වහාම හුදකලා කල යුතු බව සෞඛ්‍ය අංශයයන්ගේ තීරණය විය. 

 

Exit mobile version