අලුතින් හැදූ සිංහරාජ මාර්ගය මහ වැස්සට හේදෙයි…

පසුගිය දිනවල සිංහරාජ වනාන්තර ආසන්න සංවේදී කලාපයේ ආන්දෝලනයට ඇති කරමින් ඉදි කළ නෙළුව සිට ලංකාගම හරහා දෙණියාය දක්වා දිවෙන මාර්ගය පසුගිය සතියේ ඇති වූ දැඩි වර්ෂාවෙන් සේදී යාමට ලක් වීම නිසා මේ වනවිට වාරුකන්දෙණියේ සිට බාහිර වාහන ඇතුළු කිරීම සීමා කොට ඇති බව වාර්තා වේ.

වාරුකන්දෙණිය හන්දියේ සිට කිලෝ මීටර 4ක දුරකට කාපට් අතුරා මාර්ගය සකස් කොට තිබූ අතර දැඩි වර්ෂාවට මාර්ගයේ කොටස් සෝදාගෙන ගොස් ඇති බව පරිසරවේදීහු පවසති. ජලය නිසි පරිදි ගලා බැසීම සඳහා කානු පද්ධතියක් මෙම මාර්ගයේ ඉදිකොට නැති අතර ඇතැම් ස්ථානවල මාර්ගය ඉරි තැලීමකටද ලක්ව ඇති බව වාර්තා වේ.

කිලෝ මීටර 11ක දිගින් යුතු මෙම මාර්ගය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය මත යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් ඉදි කරන ලද අතර පසුගිය සැප්තැම්බර් මස 02 වනදා මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළේය. නෙළුව – වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කි.මි 6.5ක කොටසක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. ඉන් කි.මි 01ක කොන්ක්‍රිට් ඇතිරිමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මාර්ගයේ දෙවන අදියර වන ලංකාගම දොඹගොඩ සිට දෙනියයා දක්වා වන කොටසේද මූලික වැඩ කටයුතු මේ වනවිට අරම්භ වී ඇත.

 

 

Exit mobile version