ලුණුගල අනතුරින් තනිවුණු පැටවු තිදෙනාට පිය සෙනෙහස දෙන ඉසිවර වෙදැදුරු 

දරුවො තුන් දෙනා වෙන් නොකර හදා ගැනීමයි වැදගත්.... ඒ සඳහා මට ශක්තිය තියනවා... වෛද්‍ය වජිර රාජපක්ෂ

සමන්තිකා වීරවර්ධන –                                      

බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ බස්රථ අනතුරෙන් ජීවතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 15කි. මේ මියගිය පුද්ගලයින් අතර අඹුසැමි යුවලක්ද සිටි බව වාර්තා විය. ඔවුන්ට බස්රථය මගහැරුණු බැවින් ත්‍රී රෝද රථයක නැගී බස් රථය ලුහු බැඳ පැමිණ බස්රථයට ගොඩව ඇත්තේ බදුල්ල මහ රෝහලේ අක්ෂි සායනයට යාම සදහාය. එහෙත්  ලුහුබැඳ පැමිණියේ තමන්ගේ මරුවා බව  මේ අඹුසැමි යුවල තබා බස්රථයේ ගමන් ගත් කිසිවෙකුත් නොදැන සිටියහ.

මේ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවලගේ දරුවන් තිදෙනෙකි. මා පිය යුවල අහිමිව ඒ දරුවන් හදා ගැනීමට නොහැකිවූ  ඔවුන්ගේ මිත්තනිය මේ පැටවු ජීවත් කරවීමට රටේ ලෝකයෙන් ආධාර ඉල්ලුවාය. ඒ සංවේදී කතාව මධ්‍ය ඔස්සේ පලවිය. එම    මාධ්‍ය වාර්තා නෙත ගැටුණු උත්තම මනුෂ්‍යයෙක් මේ දරුපැටවුන්ගේ අනාගතය භාර ගැනීමට ඉදිරිපත් වූයේය. 

ඔහු නමින් වෛද්‍ය වජිර රාජපක්ෂය. අම්පාර වසංගත රෝග විද්‍යාඥයාය. අම්පාර කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ අතිශයින්ම භාරධූර වැඩකොටසක් කරන්නේ ඔහුය. 


දරුවන්ව හදා ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නැයි දරුවන්ගේ මිත්තනිය කළ ඉල්ලීම වෛද්‍ය රාජපක්ෂ කම්පනය කර තිබුණේය.  ඔහු එළඹුන රාත්‍රිය පුරා කල්පනා කරමින් සිට අවසානයේ තීරණයකට එළඹුනේය. 

වෛද්‍ය වජිර රාජපක්ෂ බිරිය තරංගා සහ සිඟිති පුතු සමග

ඒ දරුවන් තිදෙනා දරුකමට හදාගැනීමට ය.

ඔහු තම තීරණය උදෑසනම  බිරිය තරංගා සඳමාලීට පැවසීමට අදහස් කරගත්තේය. උදෑසන අවදි වූ වෛද්‍ය රාජපක්ෂ මහතා   පැමිණි සඳමාලි මෙසේ කීවාය.

“අප්පච්චි… බස් අනතුරෙන් අම්මයි තාත්තායි දෙන්නාම අහිමි වෙව්ච දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ආච්චි අම්ම කියනලු ඒ ළමයි හදාගන්න දෙන්න කැමතියි කියලා. අපි ගමුද ඒ ළමයි තුන්දෙනාව හදාගන්න”  

වෛද්‍ය රාජපක්ෂ මොහොතක් කතා කරගත නොහැකිව සිටියේය. තරංගා මේ කියන්නේ තමන් නිදි වරජිතව කල්පනා කර ලබා ගත් තීරණය ගැනය.   

මේ   ඔවුන්ට දෙපලට වයස අවුරුදු 3ක පුතෙක්ද සිටියි. ඉදිරියේදී තවත් දරුවන් අපේක්ෂාවෙන් සිටින ඔවුහු බස්රථ අනතුරෙන් මියගිය යුවලගේ දරුවන් තිදෙනාම බාරගැනීමට කැමැත්ත පල කරති.

ඔවුන් ඒ වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසීය  මේ වන විට දැනුවත් කර ඇත.    ඒ සඳහා අවශ්‍ය නීතිමය පියර ගැනිමට ඉදිරියේදී කටයුතු කරන බව ද වෛද්‍ය වජිර රාජපක්ෂ   සඳහන් කළේය. ඔහුගේ බිරියතරංගා සදමාලි වික්‍රමසිංහ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.

වෛද්‍ය රාජපක්ෂ සඳහන්  කළේ දරුවන් තුන්දෙනාම හදා ගැනීමට තමාට ආර්ථික ශක්තියක් තිබෙන බවත්  උදව් කිරීමට කවුරුන් හෝ කැමැත්තක් දක්වන්නේ නම් එය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එය කළ හැකි බවත්ය. 

තමා දරුවන් හදාගැනීමට ඉල්ලීම් කළ පසුව එක් දරුවෙකු හෝ තමන්ට ලබා දෙන ලෙස කීප දෙනෙකුම දුරකථනයෙන් ඉල්ලීම් කළ නමුත් එම දරුවන් වෙන් නොකර හදා ගැනීම ඔවුන්ගේ මානසික වර්ධනයට පිටුවහලක් වන බව වෛද්‍ය රාජපක්ෂ කියන්නේය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version